Posts

Showing posts from November, 2022

කතරක තනිවම

Image
  සද තනි නොවනට තරු තිබුනට අහසේ සද අයිතිය හිමි තරු කැට නැනේ මල් පිපුනට තනි පාටක් නොමැතිව සුවද එකම වේ මලට හිමි හිමි නොවුනට පෙම් බැන්දෙමි  පණ සේ.... නෑ අයදින්නට  සිතුවිල්ලක් මනසේ නවතිමි මම දැන් නුඹ ගිය පාරෙන් විඩාව සරණැස තවම දැනේ  නමුත් දනිමි මම වියළි කතරේ මට නොමැත ජලේ.......

අතරමං වුණු සිතුවිලි

Image
  ජීවිතේ තනි මංසලේ ඇවිද යමි මං නොසිතූ නොපැතූ දේ ගෙන ආවා ජීවිතේ  සිනහව කදුළු  අත දරං..... එක්වීම්,වෙන්වීම් හිමිවීම්, අහිමි වීම් මැද මං හරි සීරුමාරුවට අහුලගත්තා සිනහව ඉතින් කෝ.... පරාජයේ කදුළු  සුසුම් වේදනාව තරම් ඔබට මට ළෙංගතු කෙනෙක්.....

ළයාදර අම්මා

Image
  ලොව පහන් වන යාමයෙත් නිදි නොලැබ දෙනෙතට අවදිව..... අපේ ලොව තනන්නට  දරන වෑයම මහිමයකි.... අදටත් ඇග රුහිරු හරවා කිරට දුන්නද පෙරදා... තවමත් නොමැත මසුරන් ගෙවන්නට නුඹේ සෙනෙහසට සසර ගමනේ නැවත ඉපදී නුඹ ලබන්නට හැකිවේවා... පතන්නද පැතුමන් නුඹේ නාමයෙන් ළයාදර අම්මේ.....

ජීවිතය තරමට

Image
  පොළොව තරමට අහස රළු නොවුනට රළු පොළොව පවා බිය වෙයි මහ වැහි කුණාටුවකට සදට හොරෙන් රහස් තියන තරු තරමට ලෙන්ගතු නොවුනද වළාකුළු සද රැක ගන්නට දරන වීරිය දුටුවේද කවුරු  සිත ගැඹුරු නොවුනද  සයුර තරමට පිටාරය යයි කදුළු  මහ සාගරය පරදා  හීන මත රැදී සුවද පරසතු  තෙත් කරාවිද සිනහා දොඩමළු  නුඹට නම රැදී ඒ සෙනෙහෙ පිනිබිදු  කරාවිද නුඹේ දෑස අන්සතු... .

සිහින නෙලාගතිමි

Image
හුදෙක් සිහිනයන් මැද නෙළාගත් තඹරුවක් නම් සරසවියයි... දෙනෝදාහක් මැද මියැසි කැළක් මෙන් දරාගන්නට ලොබ බැදි දේ  සරසවියයි... උණුසුම් සෙනෙහෙන් මව් තුරුලෙන් මිදී පැන ආ කටුක මාවත සරසවියයි..  හුදෙක් කටු කොහොල් මැද ලයට තුරුළු කරගත් හුස්ම.. සරසවියයි... ඔබත්,මමත් හවුලේ පැද යන පැද ගිය කිත්, කිරුළු පැළදූ රාජාභිෂේකය සරසවියයි....    

වස්සානයේ උදා වූ සද

Image
                        ඇස් වැහෙන මොහොතක  දුටු සිහින සුන්දරද මෙතරම්.. නමුත් ජීවිතය කටුකය කියාගන්නට බැරි තරම් වෙහෙස සරණැස නිවෙන ලතැවෙන සිනහ මැවුවද කප්පරක් තත්පරය යන්නට පෙර ගලයි කදුළැලි මහමෙරක් කදුළේ , සතුටේ දිය වී සෙනෙහේ...... මවා දුන්නද නෙතු දහක් පුරුදු ළෙන්ගතු කමින් ඇයි හිනහෙන්න බැරි වුණේ එක් වරක්........!

සුවදයි "රෝසියේ"නුඹ

Image
කටු පදුරු මත සිහින් කොළ අග පිපී හිනහෙන "රෝසියේ" නුඹ  සිනිදු පෙති වටකොට සුවදයි නුඹේ සියොලග වනේ බඹරුන් ඇදේ රහසින් නුවන් බදිමින් ලබන්නට සුව සුන්දරයි නුඹ රෝසියේ තව පෙති විහිද විදහත් නෙලන්නට ලෝබ බදියි සිත තව කටු අතර පිපී සුවද පෙති ඇති "රෝසියේ"  නුඹ.....

අප්පච්චි🥰

Image
  නුඹත් මා හා ආව ඒ ගමන සොදුරුද කෙතරම්  මිහිරිද මොන තරම් හිමි අහිමි වීම් මැද නුඹ මං රැක ගන්නට දැරූ වෑයම කොතරම්  අපූරුද... සිනහව කදුල මැදින් පිය මනින විට නුඹ බොහොම පරිස්සමින්  මගෙ පා පොඩි පිය නගන්නට දුන් වාරුව අදටත් මතකයි.... ඒ නුඹ මට දුන් වත්කම ,ශක්තිය  එදා මං නොනැවතී ආවා... අදත් මං ඒ ගමනෙමයි නුඹ ලග නැතුව.. අදටත් නුඹයි මගෙ ලොවට සිතියමක් සිතුවම් නොකළ  ගමන් නියමුවා...  ....අප්පච්චි....

මිතුදම පියුමකි සුවද පිරූ

Image
  පාසල් මතක තලාවේ ඇවිද යන විට... එක් නැවතුමකට එහා ගිය සිදුවීම් අනන්තය විටක සිනහා.. විටක කදුළු ඇස් අග දිලිසුන බව සත්තයි.. වේවැලෙන් පන්හිදෙන් දෑත් ලැබූ පහස මතකයි අදත් මිතුරු සේයාවන්... රංචු ගැසුනු මතකයන් නැගෙයි සිහියට මේ  තත්පරයදීත්.... අද ඔබ..මම කොහෙද නොදන්නා තරමට හුදකලා වන බව දනීනම් කාලය නවතමී මොහොතකට හෝ.....

ජීවිතය

Image
  ජීවිතේ වෙහෙස සරණැස නිවී නම් නෑ මේ මොහොතෙදී.. ගෙවා ආ ඒ කටුක මාවත තවත් බලනවා හැරි හැරී.. නෙලාගත් තඹරුවක් නම් නෑ නොගෑවී මඩ බිංදුවක් නමුත් සුවදයි තවම එහෙමයි ඒ මල් මිටේ.. තවත් බොහෝ දුර යන්න ඇත මට මල් පියළි නෑ ඒ මාවතේ... රිදුම් එමටයි කදුළු පමණයි නිදිකුම්බා කටු මෙනි ජීවිතේ... නමුත් වෑයම අත් නොහරින්නෙමි සැනසීම එයමයි හදවතේ...

පෙම මගෙ❤️

Image
                            දෙනෝදාහක් එක්ව යන එන පුරුදු මාවත් ජීවිතේ... හුරු පුරුදු අය ඔහේ හමුවුනා හිනාවක් දල්වන් හිතේ.. හිතට නුපුරුදු  දෑස දොඩමළු  වහන් වුනා හොරැහින් වගේ වසර ගණනක් ගියත් දවසක පැටලුණා ඒ නෙත් අපේ.... ලගින් ලංවී එක්ව හිනහෙමු සදාකල් මේ ජීවිතේ... සසර හමු වී අකුරු අමුණන නුඹයි නොමියන පෙම මගේ...