අප්පච්චි🥰

 


නුඹත් මා හා ආව ඒ ගමන

සොදුරුද කෙතරම් 

මිහිරිද මොන තරම්

හිමි අහිමි වීම් මැද

නුඹ මං රැක ගන්නට

දැරූ වෑයම කොතරම් 

අපූරුද...

සිනහව කදුල මැදින්

පිය මනින විට

නුඹ බොහොම පරිස්සමින් 

මගෙ පා පොඩි පිය නගන්නට

දුන් වාරුව අදටත්

මතකයි....

ඒ නුඹ මට දුන්

වත්කම ,ශක්තිය 

එදා මං නොනැවතී ආවා...

අදත් මං ඒ ගමනෙමයි

නුඹ ලග නැතුව..

අදටත් නුඹයි මගෙ ලොවට

සිතියමක් සිතුවම් නොකළ 

ගමන් නියමුවා... 

....අප්පච්චි....














Comments

Post a Comment