Posts

Showing posts from December, 2022

ගීත විචාරය

Image
   සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ - විශාරද නිර්මලා රණතුංග හා සෙව්වන්දි රණතුංග “දුවේ ඔයාගේ හොඳම යාළුවා තමයි අම්මා. ඒ නිසා ජීවිතේ වෙන ඕනෑම දෙයක් අම්මට කියන්න පුළුවන්කම ඔයාට තියෙන්න ඕනැ.” ඉස්ස ඉස්සෙල්ලම රස්සාවට යන්න පිටත් වෙච්ච දවසෙ තාත්තා එහෙම කිව්වේ ආදරයෙන් මගෙ හිස අතගාලා. දැන් මගෙ වයස අවුරුදු විසිතුනයි. දැනුත් අම්මගෙයි තාත්තගෙයි ආදරය එදා වගේම ලැබෙනවා. එහෙම වුණත් මං කොහොමද ඒ ඇස් මඟ අරින්නේ. අලුත් රස්සාවට ගිහිල්ලා මේ ගතවෙන්නේ දෙවැනි මාසේ. මං අලුත් රස්සාවට ගිය දවසෙ ඉඳලා ඒ ඇස් මගෙ පස්සෙන්මයි. “ඔයා අද හරි ලස්සනයි. හරියට මගෙ හිතේ ඉන්න සිහින කුමරිය වගේ.” එයා දවසක් මගෙ මේසේ ඉස්සරහටම ඇවිල්ලා කිව්වා. “ගෑනු ළමයෙක් වුණහම පිරිසුදුවට පිළිවෙළට අඳින්න ඕන. එතකොට තමයි දකින අයට පි‍්‍රය වෙන්නේ.” අම්මා එහෙම කිව්වේ මට අලුත් රස්සාවට පත්වීමේ ලිපිය ලැබුණු දවසෙ. මගෙ ඇඳුම් තෝරලා දුන්නේ අම්මා. “දූට ලස්සන ඔසරිය” අම්මා සාරි ගෙනැල්ලා හැට්ට මහලා ඇඳුම් පිළියෙල කරලා දුන්නා. මං හැමදාම කන්තෝරුවට ගියේ ඔසරිය ඇඳලා දිග කොණ්ඩය තනි කරලට ගොතලා. මං ලස්සනයි කියලා මං දන්නවා. ඉස්කෝලේ යන කාලෙත් සම වයසේ පිරිමි ළමයිගෙ ඇස් මගෙ වට...

අහස නුඹ තනි වී

Image
                                                                                          සිහින නැවතුණු යාමෙක නෙතු අසල රැදුණා නුඹේ රුව හිරු මියෙන මොහොතක  වෙන්වුණා ළං වෙලත් ශාප දී කදුලකට නුඹේ පහස රැදි හද මඩල හඩා වැලපෙන තත්පරෙත් මට  වේදනාවක් වීය විස පිරි වයඹ අහසත් හඩන තරමට ඔය කදුළු වෙන්වීද මා නමට හැඩුවාද මහ රෑක දුක කියා සද කුමරියට හමුවෙමුද අපි ආයෙ  සංසාරෙ මතුදාක.....

විඩාබර ආදරය

Image
                                                                 කඩා නොහැලුනේ මන්ද මුරුගසන් වරුසාවක් ඉඩෝරයට හසුවී ඉරි තැලුනු හදවතට මල් පියළි මැලවී තුරු මුදුන් ගිලිහී  නගයි දෝංකාරය  ඉල්ලමින් මුදු සිසිලස වසන්තයටවත් නොපිපුණු සුවද මල් අතු අගින් පරවී වැළදගෙන මහපොළොව  ඉකිබිදින තරමටම ඉහිරුණා ඉකිබිදුම් නියග රුව අසල දැක නුඹේ වැසි දෙව්දුව.......