විඩාබර ආදරය
කඩා නොහැලුනේ මන්ද
මුරුගසන් වරුසාවක්
ඉඩෝරයට හසුවී
ඉරි තැලුනු හදවතට මල් පියළි මැලවී
තුරු මුදුන් ගිලිහී
නගයි දෝංකාරය
ඉල්ලමින් මුදු සිසිලස
වසන්තයටවත් නොපිපුණු
සුවද මල්
අතු අගින් පරවී
වැළදගෙන මහපොළොව
ඉකිබිදින තරමටම
ඉහිරුණා ඉකිබිදුම්
නියග රුව අසල
දැක නුඹේ
වැසි දෙව්දුව.......

❤
ReplyDeleteGreat ❤
ReplyDelete💞
ReplyDeleteGreat😍
ReplyDeleteKeep it up
ReplyDelete