ජීවිතය තරමට

 


පොළොව තරමට අහස රළු නොවුනට

රළු පොළොව පවා බිය වෙයි

මහ වැහි කුණාටුවකට

සදට හොරෙන් රහස් තියන

තරු තරමට ලෙන්ගතු නොවුනද වළාකුළු

සද රැක ගන්නට දරන වීරිය

දුටුවේද කවුරු 

සිත ගැඹුරු නොවුනද 

සයුර තරමට

පිටාරය යයි කදුළු 

මහ සාගරය පරදා 

හීන මත රැදී සුවද පරසතු 

තෙත් කරාවිද සිනහා දොඩමළු 

නුඹට නම රැදී ඒ

සෙනෙහෙ පිනිබිදු 

කරාවිද නුඹේ දෑස අන්සතු....












Comments

Post a Comment

Popular posts from this blog

විඩාබර ආදරය

සුවදයි "රෝසියේ"නුඹ

ගීත විචාරය