අහස නුඹ තනි වී


                                                                
                         සිහින නැවතුණු යාමෙක

නෙතු අසල රැදුණා නුඹේ රුව

හිරු මියෙන මොහොතක 

වෙන්වුණා ළං වෙලත්

ශාප දී කදුලකට

නුඹේ පහස රැදි

හද මඩල හඩා වැලපෙන

තත්පරෙත් මට 

වේදනාවක් වීය විස පිරි

වයඹ අහසත් හඩන තරමට

ඔය කදුළු වෙන්වීද මා නමට

හැඩුවාද මහ රෑක

දුක කියා සද කුමරියට

හමුවෙමුද අපි ආයෙ 

සංසාරෙ මතුදාක.....












Comments

Post a Comment