ළයාදර අම්මා

 


ලොව පහන් වන යාමයෙත්

නිදි නොලැබ දෙනෙතට

අවදිව.....

අපේ ලොව තනන්නට

 දරන වෑයම

මහිමයකි.... අදටත්

ඇග රුහිරු හරවා කිරට

දුන්නද පෙරදා...

තවමත් නොමැත මසුරන්

ගෙවන්නට නුඹේ සෙනෙහසට

සසර ගමනේ නැවත ඉපදී

නුඹ ලබන්නට

හැකිවේවා...

පතන්නද පැතුමන්

නුඹේ නාමයෙන්

ළයාදර අම්මේ.....











Comments

Post a Comment