සිහින නෙලාගතිමි


හුදෙක් සිහිනයන් මැද නෙළාගත්

තඹරුවක් නම්

සරසවියයි...

දෙනෝදාහක් මැද

මියැසි කැළක් මෙන්

දරාගන්නට ලොබ

බැදි දේ 

සරසවියයි...

උණුසුම් සෙනෙහෙන්

මව් තුරුලෙන් මිදී

පැන ආ කටුක මාවත

සරසවියයි.. 

හුදෙක් කටු කොහොල් මැද

ලයට තුරුළු කරගත්

හුස්ම..

සරසවියයි...

ඔබත්,මමත් හවුලේ

පැද යන පැද ගිය

කිත්, කිරුළු පැළදූ

රාජාභිෂේකය

සරසවියයි....

 


















 


Comments

Post a Comment

Popular posts from this blog

විඩාබර ආදරය

සුවදයි "රෝසියේ"නුඹ

ගීත විචාරය